සංවර්ධන අවශ්‍යතා
අවශ්‍යතා සහ යෝජනා 2018
ගම්පහ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පානීය ජල අංශය හදුනාගෙන ඇති ප්‍රධාන ගැටළු කිහිපයකි.
- අඩු පීඩන ප්‍රදේශ පැවතීම
- අනවසර ජල සැපයුම
- පොදු කරාම මගින් ජලය අපතේ යාම
මෙම ගැටළු අවම කිරීම සදහා පහත සදහන් යොජනා ඉදිරිපත් වී ඇත.
- පොදු කරාම වලින් ජලය නිකුත් කිරීම විසන්ධි කර පුද්ගල ජල සම්බන්ධතා ලබා දීම
- අනවසර ජල සැපයුම් මාර්ග සොයා විසන්ධි කිරීම
- අඩු පීඩන ඇති ප්‍රදේශවලට වැඩි විශ්කම්භයක් සහිත ජල නල යෙදීම
සෞඛ්‍ය සංරක්ෂණයට සිදුවන අහිතකර බලපෑම්.
ප්‍රදේශයේ ස්වභාවික ජලවහන පද්ධතියට හානි වනසේ කුණු ඒකරාශී කිරීම සිදුව ඇති බැවින් වැසි ජලය නිසියාකාරව බැස නොයයි. මේ හේතුව නිසා සුළු වර්ෂාවක දී පවා මෙම ප්‍රදේශ ජලයෙන් යටවීමේ ප්‍රවනතාවය ක්‍රමයෙන් වැඩි වන්නට පටන්ගෙන ඇත. විවිධ අපද්‍රව්‍ය මේ තුල ඒකරාශී විම නිසා මැසි මදුරු ඝනත්වය අධික වී ඇති අතර, ඒ තුලින් විවිධ වසංගත රෝගවලට මෙහි ජනතාව ගොදුරු විමේ ලක්ෂණයක් දක්නට ඇත. මෙම අයහපත් තත්ත්වය ප්‍රදේශයේ කුඩා දරුවනට වඩාත් බලපෑම් ඇති කරමින් තිබෙන බව අනාවරණය වී ඇත. සමස්තයක් වශයෙන් සලකා බලනවිට නගරයේ සෞඛ්‍යය, පරිසරයේ සුන්දරත්වය විනාශ කරලීමට තුලින් සිදුවන බලපෑම් අතිවිශාලය. කොළඹ පිහිටා ඇති මෙම කුණු කන්ද නිසා එහි පරිසරයට සිදුවී ඇති විනාශය ඉතා පුබලවන අතර, බලපෑම් ඇති කරනු ලබන බව ප්‍රකාශ කළ යුතුව ඇත. වරින්වර මෙම ප්‍රදේශයේ ඇලමාර්ග අවහිර වීමෙන් නිවෙස් ජලයෙන් යටවීමේ තත්ත්වයත්, මැසිමදුරු හා වසංගත රෝග මර්ධනය හා අවම කිරීම සඳහාත් නගර සභාව විසින් ගනු ලබන පියවරයන් එතෙක් දුරට සාර්ථක ප්‍රතිඵල ලබාදුන්බවත් දක්නට නොමැත.එබැවින් මෙම අයහපත් තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම කුණුකන්ද මෙම ප්‍රදේශයෙන් ඉවත් කළයුතුව ඇත. එමෙන්ම වී ඇති ඇල මාර්ග ශුද්ධ පවිත්‍රකොට ජලවහන පද්ධතිය යතා තත්ත්වයට ගෙන ඒමෙන් මෙම ප්‍රදේශයේ නිවාස ජලයෙන් යටවීමේ ප්‍රශ්ණයට විසදුම් සපයාගත හැක. එමෙන්ම අපද්‍රව්‍ය චක්‍රීය කිරීම වැනි විකල්ප ක්‍රියාමාර්ග හරහා කිසියම් ප්‍රමාණයක විසදුමක් ලබාගත හැකි වුවද එය ඇතිවී ඇති ප්‍රශ්ණයට සාර්ථක පිළිතුරක් නොවන බැව් පෙන්වා දියයුතුය. මෑතක සිට පරිසර අමාත්‍යංශයේ අවධානය මෙම කුණුකන්ද කෙරේ යොමුව තිබීම මෙහි ජනතාවගේ කිසියම් වාසනාවක් ඉස්මතුවිමක් යැයි සඳහන් කළයුතුය.














