The extent of Divisional Secratariat Mirigama consist of 190 squaire kilometers , Along with the ma oya river, in northern. Side B situated kurunegala District in the boarder line. northern Boarder line covers kurunegala district and sabaragamuwa province (kegalla district)  boarder line. southern part covers with aththanagalla division and western part  covers with both aththanagalla and Divlapiriya Divisions. Mirigama Divisional secretariat is the second largest secretarial division in gampaha district. It contains 149 grama niladari divisions.

 image

සේවක සංඛ්‍යා විස්තර - 2019

තනතුර/තනතුරු නාමය

අනුමත සංඛ්‍යාව

දැනට සිටින සංඛ්‍යාව

පුරප්පාඩු සංඛ්‍යාව

අතිරික්ත

මාණ්ඩලික

ප්‍රාදේශීය ලේකම්

01

01

-

-

සහකාර ප්‍රාදේශීය ලේකම්

01

01

-

-

ගණකාධිකාරී

01

01

-

-

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

02

02

-

-

පරිපාලන නිලධාරී

01

01

-

-

පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)

01

01

-

-

ද්වීතියික

රාජ්‍ය කළමණාකරණ  සහකාර ( 1, 11, 111)

33

32

01

-

කාර්මික නිලධාරී

02

02

-

-

පරිගණක දත්ත  සටහන්කරු

01

01

-

-

සංවර්ධන නිලධාරී (වසම්)

149

122

27

 

ග්‍රාම නිලධාරී

149

129

20

-

ප්‍රාථමික

කාර්යාල කාර්ය සහයක

08

08

-

සනිපාරක්ෂක කම්කරු

02

02

   

රියදුරු

02

02

-

-

මුරකරු

       

මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කාර්යය මණ්ඩලය - 2025

 

නිලධාරීයාගේ නම

තනතුර

කාර්යාලීය දුරකථන අංකය

 

Indika

W.P ප්‍රසාද් ඉන්දික මයා

ප්‍රාදේශීය ලේකම්

033-2276372

 

  Lahiru

W.W.L.L.T විජේවික්‍රම මයා

සහකාර ප්‍රාදේශීය ලේකම්

033-2273398

 

Kumari

I.P.H.S. කුමාරි මිය

ගණකාධිකාරි

033-2274012

 

Manike

P.L.M.C.මැණිකේ මිය

සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)

033-2275925

 

damayanthi

G.R..රේණුකා දමයන්ති මිය

සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)

033-2275925

 

kanthi

W.K.S.S.K ගුණරත්න 

සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)

033-2275925

 

  Wanasinghe

W.A.U.P.N. වනසිංහ මිය

පරිපාලන නිලධාරි

033-2273238

 

Prasanna

J.A.S. ප්‍රසන්න මයා

පරිපාලන ග්‍රාම නිල‍ධාරී

033-2273238

 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         

       

       

       

       

       

       

       

       

       

       

       

       

 

 

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

අපගේ දැක්ම

2035 දී ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවාලාභී සත්කාරයේ ප්‍රමුඛයා වීම2035 දී ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවාලාභී සත්කාරයේ ප්‍රමුඛයා වීම

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති අනුව සැලසුම් සහගතව සම්පත් හා ආයතන ඵලදායී ලෙස කළමනාකරණය කරමින් පුරවැසි අවශ්‍යතා තෘප්තිමත් කරන තිරසාර සංවර්ධනය ඇති කිරීම අපගේ මෙහෙවර යිරාජ්‍ය ප්‍රතිපත්ති අනුව සැලසුම් සහගතව සම්පත් හා ආයතන ඵලදායී ලෙස කළමනාකරණය කරමින් පුරවැසි අවශ්‍යතා තෘප්තිමත් කරන තිරසාර සංවර්ධනය ඇති කිරීම අපගේ මෙහෙවරයි

අපේ අරමුණු

  1. සේවාලාභී ප්‍රඥප්තියේ සඳහන් කාලසීමාවන් තුළ අදාල සේවාවන් සැපයීම.
  2. තොරතුරු තාක්ෂණික යෙදවුම් තුළින් සේවාලාභී සත්කාරය නව්‍යකරණය කිරීම.
  3. ආයතනික කටයුතු, මූල්‍ය සම්පත් හා භෞතික සම්පත් ඵලදායීව කළමනාකරණය කිරීම.
  4. සංවර්ධන කටයුතු සඳහා වෙන්වන ප්‍රතිපාදන උපරිම ලෙස උපයෝජනය කිරීම.
  5. සමාජ සංවර්ධන වැඩසටහන් සැලසුම් කළ දිනට නිම කිරීම.
  6. සුබසාධන සහන දීමනා නියමිත දිනට අදාළ ප්‍රතිගාභීන් වෙත ලබා දීම.
  7. සියලුම නිලධාරීන්ගේ රැකියා තෘප්තිය වර්ධනය කරමින් සේවාලාභීන්ට සේවා සැපයීම.
  8. අමාත්‍යාංශ හා අනෙකුත් දෙපාර්තමේන්තුවලට ඉදිරිපත් කළ යුතු තොරතුරු හා වාර්තා නියමිත දිනට යැවීම.
  9. කොට්ඨාසයේ අනෙකුත් ආයතන අතර මනා සම්බන්ධීකරණයක් තුළින් ජන ජීවිතය වඩා යහපත් කරලීම.
  10. තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා උපරිම වශයෙන් දායක වීම.

ඉතිහාසය

හැඳින්වීම:

මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිළිබදව තොරතුරු ලබා ගැනීමට ලිඛිත සාධක නොලැබුනද ජනප්‍රවාදවලින් එන තොරතුරු කැටිකොට ගත් විට පැරණි ජනාවාස හා සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකිය.

රුහුණු, මායා, පිහිටි, වශයෙන් ලංකාව කොටස් තුනකට බෙදී පාලනය පැවති කාළයේදී, රුහුණු රට කාවන්තිස්ස රජුත්, මායාරට කැළනි තිස්ස රජුගේ දේවී කුමරියත්, අතර ඇති වූ විවාහ සම්බන්ධයද ඒ හා සම්බන්ධ රට එක්සත් කිරීමට ප්‍රථම මහා වංශයේ සදහන් ජනප්‍රවාද කථාවකට අනූව මීරීගම පිළිබද තොරතුරු සදහන් වේ. එමෙන්ම එම තොරතුරු අනූව, මීරීගමට අදාළව කැපී පෙනෙන මාර්ග රටාවක ලක්ෂණ ද හදුනා ගන්නට ලැබේ.

දුටුගැමුණු රජතුමා පිළිබදව විස්තර කිරීමේදී මහා වංශ කතුවරයා විහාර මහා දේවියට ඇති වූ දොළදුකක් සම්බන්ධයෙන් කරන විස්තරයෙනි. සියනෑ කෝරලයේ ප්‍රදේශ කිහිපයක් ගැන සදහන් වේ. විශාල මී වදයක පැණි කෑමට ඇති වූ ආශාව සංසිදුවීම සදහා කාවන්තිස්ස රජුගේ යෝධයෙක් වු ගෝඨයිම්බර් යෝධයාට මෙම කර්තව්‍ය පවරණ ලදි. ඔහුට ලැබුනු ආරංචියකට අනූව, මීගමු වෙරළෙහි මසුන් මරන්නන් විසින් හැරදමා තිබූ ඔරුවක් තුල බදින ලද විශාල මී වදයක් ලබා ගැනීමට අසුපිටින් ගිය බවක් සදහන්ය.

එම ඔරුවෙන් මී කඩා ගෙන නැවත මාගමට ඒමට එන විට මී වදය ගෙන ඒමට කරදර නිසා භාජනයකට පැණි ගැනීමට ඉතා පහසු බව හැගී මී පැණි භාජනයකට මිරිකා ගෙ ඉතිරි වද ඉවත දමන ලදි. එම වද ඉවත දැමූ ස්ථානය (හලා) හලාවත නමින්ද,

පැණි භ‍ාජනය රැගෙන නැවත ගමන ආරම්භ කල තැනදී පැණි භාජනය උතුරා ගියෙන් එම ස්ථානය (මී ඉහිරී ගියතැන)මීරීගම නමින්ද හැදින්වූ බව ජනප්‍රවාදයේ එයි.

අනෙක් ජනප්‍රවාදය වශයෙන්, 11 වන රාජසිංහ රජතුමා පෘතුගීසීන් සමග සටන් කොට පසු බෑමට ලක්ව කොළඹ කොටුවේ සිට සීතාවක දෙසට ආපසු එන අතරතුර සියනෑ කෝරලය ප්‍රදේශයේ කැරැල්ලක් ඇති වී තිබෙන බව රජතුමාට සැල විය. රජතුමා දිවා ආහාර ගැනීම සදහා නතර වූ අවස්ථාවේ එම කැරැල්ල ගැන සොයා බැලීමට තම සේනාව පිටත් කර යැවිය. එම සේනාව කැරැල්ල මැඩපවත්වා රජතුමාට එම මිහිරි පුවත දැන්වු ස්ථානය මිහිරිගම නමින් හැදින්විය.

    11 රාජසිංහ රජතුමා දිවා ආහාරය ගැනිම සදහා නතරවූ ස්ථානය කණ්ඩලම නම් විය.

    සියනෑ කෝරලයේ කැරැල්ල මැඩ පැවැත්වීම සදහා යෑමට රජුගේ සේනාව පොලු, මුගුරු එක්රැස් කල ස්ථානය, මුගුරුගම්පල විය.

    රජුගේ සේනාව කැරැලි නායකයින් මරාගෙන පැමිණ හිස වෙනමත්, කදන් වෙනමත් දමන ලදි. හිස දැමූ තැන මිණීඔළුව නමින්ද, කද දැමූ තැන කදන්ගමුව නමින්ද ප්‍රචලිතය. මිහිරි වදන් ඇසූ ස්ථානය මිහිරිගම වන්නට ඇත.

  1. 01. වර්ග ප්‍රමාණය හා භෞතික පසුබිම :

මීරිගම ප්‍රා.උ.දි./ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොට්ඨාශයේ වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 190 ක් පමණ වේ. උතුරට මහඔය සීමා කරගෙන කුරුනෑගල දිස්ත්‍රික්කය මායිම් වශයෙන් පිහිටා ඇත. නැගෙනහිර කුරුණෑගල දිස්ත්‍රික්කයෙනුත්, සබරගමු පලාත් මායිමෙන් (කෑගල්ල දිස්ත්‍රිකයටත්)ද සීමා වේ. දකුණු කොටස අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් බටහිර අත්තනගල්ල හා දිවුලපිටිය යන ප්‍රා.උ.දි. කොට්ඨාශ දෙකටමත් මායිම් වේ. මේ අනූව ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලත්වයෙන් දෙවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වේ. 1981 ජනගහනය අනූව ජනගහනය 111.294 කි. ජනගහන ඝනත්වය ව.කි. මීටර් 1 ට 770 වේ. ( 1987 වර්ෂයට ඇසුතමේන්තු කරන ලද කොට්ඨාශයේ ජනගහනය 127344 ක් වේ) 2001 වර්ෂයට ඇස්තමේන්තු කරන ලද ජන සංඛ්‍යාව 143288 ක් වේ. ව.සැ. 73.34 ක් වූ මීරීගම කොට්ඨාශයට අක්කර 18331 ක ප්‍රමාණයක් විශාලත්වය දක්වයි.

  1. 02. භෞතික පරිසරය :

භූමිය :- කොට්ඨාශයේ භූ විෂමතාවය බලන විට සම තැනිතලා බිම් වශයෙන් ව්‍යාප්තව ඇත. එහෙත් ස්ථාන කිහිපයක තැන් උස් පෙන්නුම් කරන කදු කොටස් දක්නට ලැබේ.

නැගෙනහිර මායිමේ භූමිය උස්බිම් වශයෙන් දක්නට ලැබෙනුයේ කෑගලු දිස්ත්‍රික්කයට හා සබරගමු පළාතට මායිම් වන කොටසේය. පල්මඩ, කීණදෙණිය, බෝතලේ, පොත්තෙකන්ද වැනි ග්‍රි. සේ. නි. වසම් රජයේ කැලෑබිම් හා කදුබිම් වලින් යුක්ත වේ. සාමාන්‍ය වශයෙන් භූමිය ඊසාන සිට නිරිත දෙසට බෑවුම් ස්වභාවයක් පෙන්නුම් කරයි.

පොදුවේ ගත් විට අඩි 100 පමණ සාමාන්‍ය තැනිතලා ස්වරූපයක් දැක්වූවත්, උතුරු මායිමේ සිට දකුණු මායිමට කිලෝ මීටර් 21 ක් පමණවූත්, නැගෙනහිර සිට බටහිර සීමාවට කිලෝමීටර් 171/2 ක් පමණ වූත්, කොට්ඨාශයේ පහත දැක්වෙන කදු ගැට සහිත උස්තැන් කීපයක් පිහිටා ඇත.

  1. 03. ජලවහන රටාව :

ප්‍රදේශයේ ජල වහන රටාව නැගෙනහිර - බටහිර හා ඊසාන - නිරිත දිශාන්තර බෑවුම් ප්‍රදේශයන් දක්නට ලැබෙයි. මීරීගම කොට්ඨාශය හරහා ගලා බස්නා ප්‍රධාන ජල මාර්ගය දී ඇලි ඔය හා කුඩා ඔය වේ. කුඩා වැව් අමුණු, ඇල මාර්ග, උල්පත් ප්‍රදේශය පුරා ව්‍යාප්තව තිබීම විශේෂ ලක්ෂණයකි.

ගම්පහ දිස්ත්‍රික්කය සමස්ථයක් ලෙස සලකා බැලීමේදී මීරීගම ප්‍රා.ලේ. කොට්ඨාශයේ උල්පත් වැඩි කොටසක් දක්නට ලැබේ. (උල්පත් පසුපිටුවල සදහන් වේ) අධික පායන කාළවලදී පවා උල්පත් වැඩි කොටසක ජලය සිදී යාමක් දක්නට නොලැබේ. එහෙත් කදුකර ප්‍රදේශවලට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවේ. කුඩා වැවි 12 ක් පමණ තිබුනත් ජලය රදවා ගැනිම සදහා පිළිසකර කර ඇත්තේ කුඩා වැව් කිහිපයකි. නිරිත, ඊසාන, මෝසමෙන් ලැබෙන වර්ෂා ජලයෙන් වැඩි කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දීම කෙරේ.

                                                                                        
     
     
     
     
     
     
     
     
     
     
     
     

News & Events

29
ජන2024
Operations Manual & Office Programs

Operations Manual & Office Programs

Operations Manual   මෙහෙයුම් අත්පොත කාර්යාලයේ සියලුම...

10
නොවැ2022
e Magazine

e Magazine

  “මිහිරිසර”ඉ සඟරාව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය...

Scroll To Top